ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට තවදුරටත් රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් මේ මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අය මෙලෙස තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එමෙන්ම සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් වන නියෝගය මේ මස 16 වනදා ප්‍රකාශයට පත් කරන බවද අධිකරණය සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button