ව්‍යාපාරික

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වැඩි වර්ධනයක්

ජාත්‍යන්තර වෙළඳපොළ තුළ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය (WTI) ඩොලර් 2.37කින් ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 2.71%ක වර්ධනයකි. එමඟින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.73 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ද ඩොලර් 2.16කින් වැඩි වී ඇති අතර එය 2.37%ක වර්ධනයක් ලෙස වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.28ක් ලෙස සටහන් වී ඇත.

ලෝක වෙළඳපොළේ බලශක්ති ඉල්ලුම සහ සැපයුම් තත්ත්වයන්ට අදාළ බලපෑම් හේතුවෙන් මෙම මිල ඉහළ යාම වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button