ප්‍රධාන පුවත්

ලබන සතියේ මහබැංකු පොලී අනුපාත ඉහළ යාමේ අවදානමක්?

මහබැංකුව විසින් එළැඹෙන සතියේදී ප්‍රතිපත්ති පොලී අනුපාත අවම වශයෙන් Basis Points 50 සිට 100 දක්වා, එනම් 0.5%කින් හෝ 1%කින් ඉහළ දැමීමේ ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී Harsha de silva අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එම තීරණයක් ක්‍රියාත්මක වුවහොත් එහි සෘජු බලපෑම ජනතාව මත පැටවෙන බදු බර තවදුරටත් වැඩිවීමක් ලෙස දැකිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද මුදල් අමාත්‍යාංශය, මහබැංකුව සහ මහා භාණ්ඩාරය වෙළෙඳපොළ විශ්වාසය තහවුරු වන ආකාරයට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එසේ නොකළහොත් වත්මන් ආර්ථික පීඩනය තවදුරටත් දීර්ඝ විය හැකි බවත් මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.

“දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශ වලට වඩා වෙළෙඳපොළ විශ්වාසය වැදගත්. එය නැතිවුණොත් අවසානයේ ආණ්ඩුවට ගෙවීමට සිදුවන පොලී බර තවත් ඉහළ යනවා,” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button