ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්ට නව තේරීම් කමිටුවක්

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

2026 මැයි 20 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර ඇති අතර, අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට නියමිතය.

නව කමිටුව හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් ක්‍රියාවලිය වඩාත් විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ගෙනයාම අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය යටතේ අමාත්‍යවරයාට හිමි බලතල අනුව මෙම පත්කිරීම් සිදුකර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button