ප්‍රධාන පුවත්

ලක්විජය බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල්අගුරු? ජනන යන්ත්‍රවලට හානි අවදානමක්

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය සඳහා භාවිතා කිරීමෙන් එහි ජනන යන්ත්‍රවලට බරපතළ හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙතෙක් කාලයක් පෙර ආනයනය කළ ගල්අගුරු බලාගාරයේ කටයුතු සඳහා භාවිත කර ඇති අතර, ලබන මස පළමුවැනි දින සිට සම්පූර්ණයෙන්ම නව ආනයනික ගල්අගුරු භාවිත කිරීමට සිදුවන බවයි.

එම නව ගල්අගුරු ප්‍රමිතියෙන් තොර වුවහොත්, බලාගාරයේ බොයිලර් පද්ධති, ටර්බයින සහ අනෙකුත් ජනන යන්ත්‍ර අංගවලට තාක්ෂණික දෝෂ ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ගල්අගුරු ආනයනයේදී නියමිත ප්‍රමිතීන් සහ ගුණාත්මකතා පරීක්ෂණ දැඩිව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද බලශක්ති ක්ෂේත්‍ර විශේෂඥයින් අවධාරණය කරයි.

 

“තාම පැය 10 – 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ. මොකද කලින් සප්ලයර් ගෙනාපු ගල්අඟුරු තාම තියෙනවා බලාගාරයේ. නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා. මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24ක් පුරා පාවිච්චි කරාම මේ යන්ත්‍රවලට වෙන හානිය තමා මේකට එන ලොකුම ගැටලුව. එතකොට නොරෙච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වැස්සත් නැති කාලේ. අපි මොකද කරන්නේ. එහෙම වුණොත් ලංකාවේ විදුලිබල පද්ධතියට ඉතා ලොකු පහරක් වෙනවා. කරුණාකරලා ඉංජිනේරුවන් හම්බවෙලා හරි ක්‍රියාමාර්ගයකට එන්න. මුළු රටේම විදුලිබල කෙෂ්ත්‍රයේ සුරක්ෂිතභාවය නැති වෙලා විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකරන්න වෙනවා මේක හරියට මැනේජ් කරගත්තේ නැත්නම්.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button