
ප්‍රධාන පුවත්
ඩෙංගු අවදානමෙන් මොරටුව විශ්වවිද්‍යාලය සති දෙකකට තාවකාලිකව වැසේ
ඩෙංගු අවදානමෙන් මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ (06) සිට බලපැවැත්වෙන පරිදි සති දෙකක කාලයක් සඳහා විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇත.
මේ දිනවල විභාග පැවැත්වෙන අතර උණ රෝග ලක්ෂණ සහිත සිසුන් කිහිපදෙනෙකු ද විභාග සඳහා සහභාගි වී ඇති බව වාර්තා වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළේ මෙම කාලසීමාව තුළ සිසුන් සඳහා දේශන මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යන බවයි.
ඒ අනුව සති දෙකක තාවකාලික වසා දැමීමෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිත බව ද දැනුම් දී තිබේ.



