
ප්‍රධාන පුවත්
මීගමුව රෝහලේ තුවාල ලැබූ නිලධාරීන් බැලීමට ඇමති යයි
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබේ.
එහිදී අමාත්‍යවරයා ප්‍රතිකාර ලබන නිලධාරීන් හමුවී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලූ අතර, ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟද සාකච්ඡා කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 54 දෙනෙකුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.



