විදෙස්

ඉන්දියාවේ ජාර්කන්ඩ්හි ගුවන් අනතුරකින් 7ක් මරුට

ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ Chatra district ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Redbird Airways සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එය ඊයේ (23) පස්වරු 7.11ට Birsa Munda Airport සිට New Delhi බලා ගමන් ආරම්භ කර තිබේ.

ගුවන්ගත වීමෙන් කෙටි වේලාවකට පසු, පස්වරු 7.30ට පමණ යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී ඇති බව සඳහන් වේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී හෙළිව ඇත්තේ යානය ඝන වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button