
රුවන්වැලි සෑය අසල සත්යග්රහ භූමියේ වෙළෙඳාම තහනම් කරයි
රුවන්වැලි සෑය අසල සත්යග්රහ භූමියේ වෙළෙඳාම තහනම් කරයි
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑය ආසන්නයේ සත්‍යග්‍රහය පැවැත්වූ භූමිය තුළ වෙළෙඳ කටයුතු සිදුකිරීම තහනම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රුවන්වැලි සෑය අසල සත්යග්රහ භූමියේ වෙළෙඳාම තහනම් කිරීමත් සමඟ වෙළෙඳ ප්‍රජාවෙන් විරෝධය
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක් එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරත වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ භූමියේ සීමා මායිම් මේ වනවිට සලකුණු කරමින් පවතින අතර, එම ස්ථානයට ඇතුළුවීම තහනම් බව සඳහන් කරන දැනුම්දීම් පුවරු ද අවට සවිකර තිබේ. එමගින් අදාළ ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කර ඇත.
කෙසේ වෙතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාව සිය විරෝධය පළකර ඇති බව ද වාර්තා වේ.
මේ අතර, අදාළ ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් සහ ශාසනයෙන් නෙරපන ලද බව පැවසෙන රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් අතර ඊයේ (12) ගැටුමක් ද ඇතිවිය.
එම ගැටුමෙන් අනතුරුව පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



