
රුපියල් 40,000ක අල්ලසක් ගත් නිලධාරියා අත්අඩංගුවට
රුපියල් 40,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නිරත කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රීඩා පිටියක කාණු පද්ධතියක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ අම්පාර දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ අක්කරපත්තුව නගරයේ වෙළඳසැලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමෙන් පසු, ඒ සඳහා වූ රැඳවුම් මුදල් නිදහස් කරගැනීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් සැකකරු අල්ලස් ඉල්ලා ඇති බව සඳහන් වේ.
එක් කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 20,000 බැගින් කොන්ත්‍රාත් දෙක වෙනුවෙන් රුපියල් 40,000ක මුදලක් ඔහු අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන තිබේ.
මීට අමතරව, එම පුද්ගලයාගෙන් ණය මුදලක් ලෙස රුපියල් 100,000ක් ඉල්ලා ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් 100,000ක් වටිනා චෙක්පතක්ද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
කෙසේවෙතත්, ඊයේ (10) පස්වරු 1.55ට පමණ අදාළ පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයේදී සිදුකළ වැටලීමකදී විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



