
කාලගුණය
මුහුදු ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ රළු මුහුදු අවදානමක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින්, එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද (11) පස්වරු 12.00ට පමණ නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (12) පස්වරු 12.00 දක්වා බලපැවැත්වේ.



