ප්‍රධාන පුවත්

රයජේ පාසල් සියල්ල බදාදා නිවාඩු – ඉන්දන ගැටලුව පහවයනතෙක්

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් රජයේ සියලු පාසල් සඳහා සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි. අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, රජයේ සේවකයින්ට ද සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට රජය ගත් තීරණය අනුව මෙම පියවර ගත් බවයි.

රට තුළ මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සඳහන් කර ඇත. ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී, පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත. එහිදී ගනු ලැබූ තීරණ අනුව හෙට (17) සිට නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම බදාදා දිනවල රජයේ සේවකයින්ට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

මෙම නිවාඩු තීරණය පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයටද අදාළ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජලසම්පාදන සහ ප්‍රවාහන වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බවද ඔහු පැහැදිලි කළේය.

එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය යටතේ ප්‍රධාන කමිටු හතරක් පත් කිරීමටද පියවර ගෙන ඇති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button