උණුසුම් පුවත්

දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට

දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට බෝම්බයක් විසි කිරීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා පළමුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු එම ප්‍රහාරය සඳහා රැගෙන ආ බවට සැක කෙරෙන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button