
උණුසුම් පුවත්
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා ගැන රෝහල් අධ්‍යක්ෂට නොතිසි
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රෝහල්ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මෙම නියෝගය ලබාදී ඇත.
ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.



