ප්‍රධාන පුවත්

රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් ඉහළට – කෙටි කෑම මිලත් වැඩි වෙයි

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ රයිස්, කොත්තු සහ කෙටි කෑමවල මිල සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

රයිස් සහ කොත්තු මිල වැඩි කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි

ඒ අනුව රයිස් සහ කොත්තු වර්ගවල මිල රුපියල් 15කින් ඉහළ නැංවීමටත්, කෙටි කෑම වර්ගවල මිල රුපියල් 5කින් වැඩි කිරීමටත් පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේය.

මෙම මිල ඉහළ දැමීම සඳහා බලපා ඇත්තේ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීම බව ඔහු සඳහන් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ නංවා ඇති අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් වැඩි කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button