
ප්‍රධාන පුවත්
දීපාවලී නිවාඩුව වෙනුවෙන් පළාත් 4ක දෙමළ පාසල්වලට සඳුදා විශේෂ නිවාඩුවක්
දීපාවලී නිවාඩුව වෙනුවෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර තිබේ.
දීපාවලී නිවාඩුව වෙනුවෙන් පළාත් හතරක පාසල්වලට විශේෂ නිවාඩුවක්
හෙට (08) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය සැලකිල්ලට ගනිමින් මෙම නිවාඩුව ලබාදීමට පියවර ගෙන ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අදාළ පළාත් හතරේ ආණ්ඩුකාරවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම විශේෂ නිවාඩුව හේතුවෙන් අහිමි වන පාසල් අධ්‍යයන දිනය ආවරණය කිරීම සඳහා මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතය.



