
ප්‍රධාන පුවත්
රත්නපුර උදාකලගම නායයෑම යළි සක්‍රීයයි
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලැල්ල ග්‍රාම නිලධාරි වසමේ උදාකලගම ප්‍රදේශයේ නායයෑම් තත්ත්වයක් යළි සක්‍රීය වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන වෙත තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
අදාළ නායයෑම් අවදානම මුල්වරට 2025 වසරේදී හඳුනාගෙන තිබූ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයින් සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව එම ප්‍රදේශය අධි අවදානම් නායයෑම් කලාපයක් ලෙස නම් කර තිබුණි.
ඊයේ (22) උදෑසන 6.30ට පමණ නායයෑම් චලනය යළි වාර්තා වීමත් සමඟ, අවදානම් කලාපයට ආසන්නව ජීවත් වූ පිරිස් වහාම ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ.



