කාලගුණය

නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඊයේ (02) රාත්‍රී 11.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (03) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දී ඇත.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර හා කොත්මලේ බටහිර ප්‍රදේශවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව අවදානම් ස්ථානවලින් ඈත්ව සිටින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් NBRO ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button