ප්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක රැසකට නායයාම් රතු එළි

අධික වර්ෂාවත් සමඟ ඇතිව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම සහ රත්නපුර ප්‍රදේශවලටත් ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

තවද කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය සහ පාලින්දනුවර ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශවලටත් “අවදානයෙන් සිටින්න” මට්ටමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button