උණුසුම් පුවත්

රජයේ වාහන අවභාවිත චෝදනාවට විමල්ගේ සහෝදරයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විමල්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතාය.

මීට පෙර ඔහු පානදුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින බවට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගියද, එම අවස්ථාවේදී ඔහු එහි නොසිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අද (16) ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි ගොස් සරත් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button