
රඛිත, චරිත්, අරුණ තිදෙනාට ඇප
රඛිත චරිත් අරුණ තිදෙනාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝගයක් නිකුත් කළේය.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
ඔවුන් තිදෙනාට එරෙහිව පවතින්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාය.
විමර්ශනවලට අනුව, හරක් කටාගේ රැඳවුම් නියෝග වෙනස් කර ඔහුට වාසිදායක නීතිමය පහසුකම් සලසාදීම සඳහා 2023 වසරේදී ඩුබායිහිදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 20ක අල්ලසක් ඉල්ලා, එයින් රුපියල් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.
මෙම කරුණු සලකා බැලූ අධිකරණය රඛිත චරිත් අරුණ තිදෙනාට ඇප ලබාදීමට නියෝග කළේය.



