ප්‍රධාන පුවත්

යෝෂිත රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

යෝෂිත රාජපක්ෂගේ නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කර තිබේ.

යෝෂිත රාජපක්ෂගේ නඩුවේ මීළඟ සාක්ෂි විභාගය නොවැම්බර් 12 වැනිදා

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි සටහන් කරගැනීම සිදුකර ඇත.

ඉන් අනතුරුව නඩුවේ ඉදිරි සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 12 වැනිදා යළි කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button