
ඉරානයට අමෙරිකා–ඊශ්‍රායල දැඩි ප්‍රහාර: කුඩා ලමුන් වැඩි පිරිසක් ගොදුරු බවට
ඉරානයේ හමුදා ඉලක්ක රැසකට සාර්ථකව ප්‍රහාර එල්ල කර අවසන් බව අමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ හමුදා ශක්තිය අනුව අමෙරිකාව ඉරානයට වඩා ඉතා ප්‍රබල තත්ත්වයක සිටින බවත්, අවශ්‍ය නම් තවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත්ය.
අමෙරිකාව සහ Israel එක්ව පසුගිය සති අන්තයේදී Iran වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ අතර එම ක්‍රියාමාර්ග මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නොසන්සුන් කර ඇත.
විදෙස් වාර්තා අනුව, වසර 40කට ආසන්න කාලයක් ඉරානයේ බලය දැරූ ආධ්‍යාත්මික නායක Ali Khamenei ඇතුළු පුද්ගලයින් 1332 දෙනෙකු මෙම දැවැන්ත ප්‍රහාරවලින් මියගොස් ඇති බව සඳහන් වේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්ර කරමින් සිටින අතර, අමෙරිකානු මධ්‍යම විධානය අනුව පසුගිය පැය 72 තුළ පමණක් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇත.
Tehran නගරයට දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හේතුවෙන් රාත්‍රී කාලයේ පවා නගරය පුරා දැඩි දුම් මතුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ප්‍රහාරයට ලක්වූ ඉරාන මර්මස්ථාන කිහිපයකට අදාළ “පෙර සහ පසු” චන්ද්‍රිකා ඡායාරූප ද මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.
එම ප්‍රහාර අතරින් එකක් Minab හි පිහිටි ෂාජාරේ ටයෙබේ ප්‍රාථමික පාසලට එල්ල වූ අතර, එහි සිසුවියන් 168 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරයෙන් දිවි බේරාගත් සිසුවියක් තම වයස අවුරුදු 11ක සහෝදරයාගේ වියෝව පිළිබඳව සංවේදීව අදහස් දැක්වූ අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
“මගේ පියා සෑමවිටම පුරුදුවෙලා හිටියා පාසල අවසන්වන සීනුව නාදවන විට මාව රැගෙන යන්න එන්න. එදාත් ඔහු එළියේ සිටියා. එක්වරම පිපිරීමක් සිද්ධ වෙද්දී මගේ පියා දිව්වා අම්මාව බේරගන්න. එතකොටම තවත් පිපිරීමක් සිදුවුණා. ඔහු මියගියා.”
“මමත් බය වෙලා පන්ති කාමරයකට ගියා, ඊට පස්සේ මම සිහිසුන් වුණා. මගේ පිටේ ලොකු ගලක් වැටිලා තිබුණා. මට සිහිය ආවාම බොහෝම අමාරුවෙන් එළියට ආවේ. මගේ සහෝදරයා, පවුලේ අය නැතිවුණා. මට ඒ් අයව ගොඩාක් මතක් වෙනවා.”
UNICEF සංවිධානය X හරහා ප්‍රකාශ කරන්නේ මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට දරුවන් 192 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම සංඛ්‍යාවෙන් දරුවන් 181 දෙනෙකු ඉරාන ජාතිකයින් වන අතර, 7 දෙනෙකු Lebanon ජාතිකයින්ය. තවත් දරුවන් 3 දෙනෙකු ඊශ්‍රායල ජාතිකයින් වන අතර එක් දරුවෙකු Kuwait රාජ්‍යයේ බවද සඳහන් වේ.
මෙම යුද තත්ත්වය මධ්‍යයේ, අමෙරිකානු හමුදා වාර්තා අනුව ඔවුන් ඉරාන ඉලක්ක 3,000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරාන නෞකා 43කට පමණද හානි සිදුකර තිබේ.
එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයද දිගින් දිගටම ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටින අතර එම මිසයිල ප්‍රහාර Tel Aviv සහ Jerusalem නගර ඉලක්ක කර එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙවන් ප්‍රහාරවලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයේ නගරවල අනතුරු ඇඟවීමේ සයිරන් නිරන්තරයෙන් නාද වන බවද සඳහන් වේ.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඉරාන හමුදාවට යටත්වීමට තවමත් අවස්ථාව පවතින බවයි.
අනෙක් පැත්තෙන්, මෙම යුද තත්ත්වයට විරෝධය පළ කරමින් අමෙරිකාවේ New York City නගරයේ Washington Square Park ප්‍රදේශයේ විරෝධතාකරුවන් රැසක් රැස්ව තිබූ අතර, එහිදී විරෝධතාකරුවන් අතර ගැටුම් ද ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



