
ප්රධාන පුවත්
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් පත් කෙරේ
ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා නිල වශයෙන් පත් කර ඇත.
මෙම පත් කිරීම අනුව, ඔහු මෙරට 68 වන යුද හමුදා මාණ්ඩලික ප්රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, එම ධුරයේ වගකීම් අද (02) දින සිට ක්රියාත්මක වේ.
පාබල හමුදාව නියෝජනය කරන මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා, යුද හමුදා සේවාවේ දී විශේෂ අත්දැකීම් සහ නායකත්ව කුසලතා රැසක් හිමි කරගත් නිලධාරියෙකි.



