ක්‍රීඩා

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට්ට එරෙහිව අධිකරණයට – IPL ඇතුළු ලීග් සඳහා NOC ඉල්ලයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

එම පැමිණිල්ල මඟින් ඔහු ඉල්ලා සිටියේ, 2026 වසරේ Indian Premier League (IPL) ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගි වීමට අවශ්‍ය “විරෝධතා නොමැති බව” (NOC) සඳහන් ලිපිය නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් ලබා දෙන ලෙසයි.

ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් මෙම නඩුව ඉදිරිපත් කර ඇති අතර, එය අද (02) දින කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ නඩුව ලබන අප්‍රේල් 09 වනදා නැවත කැඳවීමට අධිකරණය නියම කළ අතර, වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා නම් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button