ව්‍යාපාරික

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් රන් මිල පහළට, බොරතෙල් මිල ඉහළට- ලෝක වෙළෙඳපල කැලඹේ

ඉරානය සම්බන්ධයෙන් පවතින යුධ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවසන්කිරීමක් නොදක්වා විසින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ලෝක ආර්ථික වෙළෙඳපොළ තුළ සැලකිය යුතු වෙනස්කම් අද (02) දින වාර්තා විය.

දින හතරක් පුරා ඉහළ ගොස් තිබූ රන් මිල අද 1% කට වඩා පහත වැටී ඇති අතර, ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 1.3% කින් අඩුවී ඇමෙරිකානු ඩොලර් 4,694.48 ක් ලෙස සටහන් වී තිබේ. ඒ සමඟම අමෙරිකානු රන් වෙළෙඳපොළේ මිලද 1.9% කින් පහත වැටී ඩොලර් 4,723.70 ක් දක්වා අඩු විය.

ඉදිරි සති කිහිපයක් ඇතුළත ඉරානයට “ඉතා දැඩි” ප්‍රහාරයක් එල්ල කරන බවත්, එරට “ශිලා යුගයට” පත් කරන බවත් විසින් සිදුකළ දැඩි ප්‍රකාශ ආයෝජකයින් අතර අවිශ්වාසය වැඩි කිරීමට හේතු වී ඇත.

යුද්ධය ඉක්මනින් අවසන් වේවි යන අපේක්ෂාව බිඳ වැටීමත් සමඟ රන් වෙළෙඳපොළේ පසුබෑමක් දක්නට ලැබුණු අතර, එම සමයේම බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. තවද, අමෙරිකානු ඩොලරය ද මෙම තත්ත්වය හමුවේ ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකය තුළ අනාගත අවදානම් පිළිබඳව නව අවධානයක් යොමු කරමින් පවතී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button