
ප්‍රධාන පුවත්
ඩීසල් මිල වැඩිවීමෙන් පාසල් වෑන් ගාස්තුත් ඉහළට?
ඩීසල් මිල සංශෝධනයෙන් පසු පාසල් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ගාස්තු සියයට ප්‍රමාණයක් ලෙස ඉහළ නොදමා දෙමාපියන් සමඟ සාකච්ඡා කර සාධාරණ මුදලකින් සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මීට පෙර අවස්ථා කිහිපයකදීත් ඩීසල් මිල ඉහළ ගියද දෙමාපියන්ට අමතර බරක් නොවීම සඳහා පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ බවය.
කෙසේවෙතත්, මෙවර ඩීසල් මිල රුපියල් 10කින් ඉහළ යාමත් සමඟ වෘත්තියේ පවතින අපහසුතා සැලකිල්ලට ගනිමින් යම් මුදලකින් ගාස්තු ඉහළ දැමීම අත්‍යවශ්‍ය වී ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව, දෙමාපියන්ට අධික බරක් නොවන ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ ගිය ප්‍රමාණයට සාපේක්ෂව ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට තම සංගමය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.



