
උණුසුම් පුවත්
මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල තද සුළං පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුද රළු වීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.
ඒ අනුව, පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ආරක්ෂිතව කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



