ප්‍රධාන පුවත්

විමල් වීරවංශට එරෙහි නඩුව දෙසැම්බර් 07 දක්වා කල්යයි

විමල් වීරවංශට එරෙහි නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

විමල් වීරවංශට එරෙහි නඩුවේ මීළඟ දිනය දෙසැම්බර් 07

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයක් අතරතුර කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආසන්නයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

අදාළ නඩුව අද (02) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

මෙම සිද්ධියට අදාළ වන්නේ 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී පැවැති උද්ඝෝෂණයකි.

එහිදී තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජනතාවට පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් පැමිණිල්ල ගොනු කර තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන් ද මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button