
උණුසුම් පුවත්
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින්, ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
මෙම නඩුව අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවූ අතර, එහිදී සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස ලබාදීමට අධිකරණය තීරණය කළේය.
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.



