ප්‍රධාන පුවත්

කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉක්මනින් පහළට – විදුලි නිෂ්පාදනයට බලපෑම්?

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින දිගුකාලීන වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කරයි.

අද (24) පෙරවරු 6 වනවිට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50යි අඟල් 11ක් දක්වා පහළ බැස ඇති අතර, ඊයේ (23) දින එම ප්‍රදේශයට මිලිමීටර් 12ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

එමෙන්ම කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමේ සිට අඩි 40යි අඟල් 10ක් දක්වා පහළ ගොස් ඇති අතර, එම ජලාශයටද ඊයේ මිලිමීටර් 14ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.

ජල මට්ටම් පහළ බැසීමත් සමඟ, ජලාශ ඉදිකිරීමේදී යටවූ නටඹුන් සහ කුඩා දූපත් කිහිපයක් නැවත මතු වීමට ආරම්භ වී ඇති බවද දැනගත හැක.

විමළසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය ජලවිදුලි බලාගාර සඳහා අවශ්‍ය ජලය ලබාගන්නේ මෙම ජලාශ දෙකෙන් වන අතර, වත්මන් තත්ත්වය දිගටම පැවතිහොත් විදුලි නිෂ්පාදනයට බලපෑම් ඇතිවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button