
ප්රධාන පුවත්
ගන්දර පොලිස් වසමේ වෙඩි තැබීමක්
අද දින ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඉන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි .
මෙම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකය.



