විදෙස්

Artemis II මාර්තු 6 දියත් කිරීමේ සැලසුම –වසර 50කට පසු සඳ තරණයට

1972 වසරින් අනතුරුව මිනිසුන් සඳවටා ගෙන යාමට සැලසුම් කළ NASA හි ARTEMIS – II මෙහෙයුම මාර්තු 6 වනදා දියත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම දියත් කිරීම මුල් වශයෙන් සැලසුම් කළ දිනයට සති කිහිපයකින් පසුව සිදු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව දැනට අමෙරිකාවේ Florida හි රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සූදානමින් රඳවා ඇත. එයට අදාළ දෙවැනි ඉන්ධන පිරවීමේ පරීක්ෂණ වටය ඊයේ (20) පැවැත්වුණි.

මීට පෙර සිදු කළ ඉන්ධන පිරවීමේදී හඳුනාගත් තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් මෙම අමතර පරීක්ෂණ වටය සංවිධානය කර තිබේ. වාර්තා අනුව, එම රොකට්ටුවට ගැලුම් 730,000කට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් පිරවිය හැකිය.

ARTEMIS – II මෙහෙයුම යටතේ ගගනගාමීන් සිව් දෙනෙකු සඳවටා ගමන් කර ආපසු පෘථිවියට පැමිණීමට නියමිත අතර, මෙය නව යුගයක මිනිස් සඳ ගවේෂණයේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button