
මැදපෙරදිග යුද ගිනි හේතුවෙන් ඉදිරි දින කිහිපය තීරණාත්මකයි – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි.
මැදපෙරදිග කලාපයේ ඇතිව ඇති ආරක්ෂක අර්බුදය නිසා ජාත්‍යන්තර නැව් ගමනාගමනයට සහ ගුවන් යානා ගමනාගමනයට සීමා පැනවී තිබීම එම ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වන බවද ඔහු පැහැදිලි කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බවද අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ.”



