
උණුසුම් පුවත්
මැදපෙරදිග අර්බුදය: ශ්‍රී ලාංකීකයන්ට අනතුරක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යංශය
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
අදාළ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකීකයන් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, එම උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා ඇත.
බහරේන් රාජධානියේ ශ්‍රී ලාංකීකයන් වාසය කරන නගරයකට ප්‍රහාරයක් එල්ල වූවත්, එම සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන් වේ.
එසේම හදිසි අවශ්‍යතා මතුවුවහොත් ජනතාවට දැනුම් දීම සඳහා විශේෂ හදිසි දුරකතන අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා ඇත.



