
ප්රධාන පුවත්
මට්ටක්කුලියේ ඝාතන සිද්ධියකට සැකකරුවන් 9 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට
මට්ටක්කුලිය, ගැමුණුපුර ප්රදේශයේදී තියුණු ආයුධ භාවිත කරමින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය ඉකුත් මස 31 වනදා රාත්රී කාලයේදී සිදුව ඇති අතර, එය පිළිබඳව මට්ටක්කුලිය පොලීසිය ආරම්භ කළ විමර්ශනවල ප්රතිඵලයක් ලෙස සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 19 සිට 40 දක්වා අතර පසුවන අතර, ඔවුන් සියල්ලම මට්ටක්කුලිය ප්රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (03) දින අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



