
ප්‍රධාන පුවත්
උත්සව කෑම වට්ටෝරු මිල 15%–20%කින් ඉහළට
උත්සව කෑම වට්ටෝරු සඳහා අයකරන ගාස්තු අද (08) සිට ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා සඳහන් කළේ, මැයි මාසයෙන් ආරම්භ වන නව ඇණවුම් සඳහා ගාස්තු 15% සිට 20% දක්වා වැඩි විය හැකි බවයි.
එමෙන්ම, මේ වන විටත් ඇණවුම් කර ඇති කෑම වට්ටෝරු සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදු කරන බවද ඔහු පැවසීය.
මෙම මිල වැඩි කිරීමට ප්‍රධාන හේතු ලෙස රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ වැට් බද්ද ඉහළ යාම සඳහන් කරයි.
භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, එය රැක ගැනීම සඳහා මෙම පියවර ගත් බවද සංගමය වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, රජයෙන් යම් සහන ලබා දීමට හැකි වුවහොත්, මෙම ගාස්තු වැඩි කිරීම නැවත සමාලෝචනය කර අඩු කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් අවධාරණය කරයි.



