
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත්කරයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත සිදු කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ විශාල ව්‍යාපෘති කළමනාකරණය යන ක්ෂේත්රවල විශාල අත්දැකීම් සතුවන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ඔහුගේ වැඩභාර ගන්නා උත්සවය අද (08) කොළඹ 01, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට BOI අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.



