ප්‍රධාන පුවත්

බොරතෙල් මිල ඩොලර් 120 ඉක්මවයි – 2022ට පසු ඉහළම අගය වාර්තා වෙයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගොස් තිබේ. වාර්තා අනුව, 2022 ජුනි මාසයෙන් පසු සටහන් වූ ඉහළම බොරතෙල් මිල මෙය ලෙස සැලකේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය තවත් මාස කිහිපයක් පුරා පවත්වාගෙන යා හැකි බවට ඉඟි කිරීමෙන් පසු මෙම මිල ඉහළ යාමට ප්‍රධාන බලපෑමක් එල්ල වූ බවයි.

එමෙන්ම, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීමත් සමඟ කලාපීය අර්බුද තවදුරටත් උග්‍ර විය හැකි බවට පවතින අවදානම වෙළෙඳපොළ තුළ අස්ථාවරතාවක් ඇති කර තිබේ.

ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින ආතතිකාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල වීම ද බොරතෙල් මිල ඉහළ යාමට තවත් හේතුවක් ලෙස දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button