
ප්‍රසන්න රණතුංගගේ නඩුවට අධිකරණයෙන් නව දිනයක්
ප්‍රසන්න රණතුංගගේ නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ජනවාරි 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ප්‍රසන්න රණතුංග මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
නඩුව යළි ජනවාරි 26 වැනිදා කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේය.
ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සංචාරක අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයන්ට රක්ෂණාවරණ ලබාදීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට සැක කෙරේ. එම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



