
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණයට පැමිණේ
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුව: කොළඹ මහාධිකරණයට පැමිණේ
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අද කොළඹ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පෞද්ගලික සමාගමකට නීතිවිරෝධී ලෙස වාසි ලබාදීමෙන් අල්ලස් පනත යටතේ දූෂණ වරදක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.
එවකට ඔහු ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කර තිබූ අතර, හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ඇති වූ දෝෂ මෙම චෝදනාවට මූලික වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ මූලික විමර්ශනයකින් පසු, සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන අධිචෝදනා ගොනු කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබුණි.



