
දිස්ත්‍රික්ක 22කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 22කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද (04) පෙරවරු 11.51ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (05) අලුයම 1.00 දක්වා බලාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද පස්වරු 1.00න් පසුව අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතලේ, මාතර සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම බලපානු ඇත.
එමෙන්ම මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ද අදාළ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බව නිවේදනයේ දැක්වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



