ප්‍රධාන පුවත්

AI Impact 2026 සමුළුවේදී ජනපති අනුර – මෝදි ද්විපාර්ශ්වික සාකච්ඡා

AI Impact 2026 සමුළුවේදී ජනපති අනුර – මෝදි ද්විපාර්ශ්වික සාකච්ඡා

අනුර කුමාර දිසානායක මහතා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නවදිල්ලිහි සංවිධානය කෙරෙන AI Impact 2026 සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි.

 

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි විසින් විවිධ රටවල්හි නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්ද පැවැත්වූ බව සඳහන් වේ. 

 

ඒ අනුව, පීටර් පෙලෙග්‍රිනි, ඩික් ෂූෆ් සහ ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සමඟද ඔහු සාකච්ඡා පැවැත්වීය.

 

තවද, ගයි පර්මලින්, කිරියාකොස් මිට්සෝටකිස් සහ එමානුවෙල් මැක්‍රොන් සමඟද අග්‍රාමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button