උණුසුම් පුවත්

පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කළේය.

මෙම නඩුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණේ, ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.

මීට පෙර 2022 වසරේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළද, එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව නඩුවේ විත්තියේ සාක්ෂි යළි කැඳවීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. :::

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button