
උණුසුම් පුවත්
පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටවෙයි
හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් තිබේ.
වාර්තා වන ආකාරයට, ඔහු පැය හතරකට ආසන්න කාලයක් කොමිසම තුළ රැඳී සිටිමින් ප්‍රකාශ ලබාදී ඇත.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව පියංකර ජයරත්න මහතා අද පෙරවරුවේ කොමිසම වෙත පැමිණ තිබුණි.
අදාළ ප්‍රකාශ ලබාදීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස කොමිසමෙන් පිටව ගිය බව සඳහන් වේ.



