
මධ්‍යම අධිවේගී 3 වන කොටසට කැබිනට් අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසේ 2 වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා මාර්ග කොටස සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කිලෝමීටර් 13+800 සිට කිලෝමීටර් 32+450 දක්වා විහිදෙන මෙම කොටස සඳහා රජය විසින් සම්පූර්ණ දේශීය අරමුදල් යොදවන අතර, ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 112ක් ලෙස දැක්වේ.
අදාළ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත් පැකේජ 07ක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා තිබූ අතර, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එම කොන්ත්‍රාත් ප්රදානය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව,
-
2A පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.90ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
-
2B පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.71ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට කේ.ඩී.ඒ.වීරසිංහ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
-
2C පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.12ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
-
2D පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 16.39ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට නෙම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
-
2E පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 18.70 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත ප්රදානය කිරීම.
-
2F පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.52ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
-
2G පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 19.10ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීම 2026 ජනවාරි මාසයේදී ආරම්භ කර තිබූ අතර, දේශීය අරමුදල් මත මෙය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මීට පෙරද සඳහන් කර තිබුණි.



