ප්‍රධාන පුවත්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළ අයෙක් අත්අඩංගුවට

මහජන දේපල ආරක්ෂා කිරීම සමාජ වගකීමකි. ඒවාට හානි සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මහජන ආරක්ෂාව සහ විනය රැක ගැනීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.


පසුගිය 08 වැනිදා නවීකරණය කර මහජන පරිහරණය සඳහා විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට හානි සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

එම බස් නැවතුම්පොළේ සුභසාධන අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (11) දින විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකම් කළ දේපලවලින් කොටසක්ද ඔහු සමඟ සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

මෙම සිද්ධියෙන් සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button