උණුසුම් පුවත්

ගල්අඟුරු අතිරේක පිරිවැය විදුලි බිල්වලට එක් නොකරන බව PUCSL තීරණය කරයි

ගල්අඟුරු සම්බන්ධ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ට පටවීම නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) ඒකමතිකව තීරණය කර තිබේ.

කොමිසම පෙන්වා දෙන්නේ, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී සලකා බලනු ලබන්නේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය සාධාරණ පිරිවැය පමණක් බවයි. ඒ අනුව, සාධාරණ නොවන හෝ අතිරේක වියදම් ගාස්තු ගණනයට ඇතුළත් නොකරන බවද සඳහන් වේ.

පසුගිය ගාස්තු සංශෝධන තීරණයන්හිදීද ගල්අඟුරු හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය අනුමත කර නොමැති අතර, ඉදිරි සංශෝධනවලදීද එම ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරන බව කොමිසම තහවුරු කරයි.

මෙම තීරණය අනුව, ගල්අඟුරු සම්බන්ධ අර්බුද හේතුවෙන් සිදුවන අමතර වියදම් විදුලි ගාස්තු තුළින් පාරිභෝගිකයන්ට බාර නොදෙන බව PUCSL වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button