උණුසුම් පුවත්
Trending

පාස්කු නඩුවේ වරදකරුවන් 15කට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

පාස්කු නඩුවේ වරදකරුවන් බවට තීන්දු වූ විත්තිකරුවන් 15 දෙනාට අද (22) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල ලබාදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් වරදකරුවන් කර තිබුණි.

අධිකරණ තීන්දුව අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් 5 දෙනෙකුට වසර 220 බැගින්ද බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

එමෙන්ම විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240 බැගින්ද, තවත් එක් විත්තිකරුවෙකුට වසර 260ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කර තිබේ.

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ වරදකරුවන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටය.

මෙම නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නඩු පවරා තිබූ අතර, චෝදනා එල්ල වූ තවත් විත්තිකරුවන් 9 දෙනෙකු මීට පෙර අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button