ප්‍රධාන පුවත්

පාලන මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට වැඩ වරදී

 

ලඟ එන උත්සව සමයේ සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වැඩි මිලට අලෙවිය සඳහා සඟවාගෙන සිටින වෙළෙඳුන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් අතරතුර, සිල්ලර මිලට සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.

මෙම නඩු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරීමට කටයුතු කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය විසිනි. ලැබුණු පැමිණිල්ලකට අනුව අද (29) පෙරවරුවේ කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේ සිදුකළ හදිසි වැටලීමකදී මෙම අනාවරණය වී තිබේ.

එහිදී, වෙළඳ බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වෙළඳසැල් කිහිපයකින් සහල් සන්තකයේ තබාගෙන, සාමාන්‍ය පාරිභෝගිකයින්ට නොව හෝටල්වලට පමණක් අලෙවි කිරීම සිදුකර ඇති බව හෙළිවිය.

වැටලීම සිදුකළ අවස්ථාවේදී වෙළඳසැල් හිමිකරුවන් සහ නිලධාරීන් අතර උණුසුම් වාද විවාද ද ඇති වූ බව වාර්තා වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, භාණ්ඩ සඟවා තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ නියමිත මිලට වඩා ඉහළ මිලට අලෙවි කිරීම නීතිවිරෝධී බවයි. එවැනි ක්‍රියා වලින් වැළකී සිටින ලෙස වෙළඳුන්ට දැනුම් දී ඇත.

එමෙන්ම, උත්සව සමයේදී දිවයින පුරාම මෙවැනි වැටලීම් හා පරීක්ෂණ තවදුරටත් තීව්‍ර කරන බව ද අධිකාරිය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button